සැබැවින්ම අල්ලාහ් අසාධාරණය (අපරාධය) තමන් මත තහනම් කර ඇති බවත් ඔහුගේ මැවීම් අතර ද එය තහනම් කරනු ලැබූවක් බවට නියම කර ඇති බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කර සිටියි. අල්ලාහ් මඟ පෙන්වූ හා ආශිර්වාද කළ අය හැර සෙසු සියලු මැවීම් නොමඟ ගියවුන් වෙති. කවරෙකු එය අල්ලාහ්ගෙන් පතන්නේ ද, අල්ලාහ් ඔහු ට එය ආශිර්වාද කර ඒ සඳහා මඟ පෙන්වනු ඇත. ජනයා අල්ලාහ් වෙත තම අවශ්‍යතාවන් සම්බන්ධයෙන් පෙළෙන්නෝ වෙති. කවරෙකු අල්ලාහ්ගෙන් පතන්නේ ද ඔහුගේ අවශ්‍යතාව ඔහු ඉටු කර දෙන අතර ඔහුට එය ප්‍රමාණවත් වන්නේය. ඔවුන් රාත්‍රි හා දහවල් කාලයේ වැරදි කරති. ගැත්තා සමාව අයදින විට අල්ලාහ් ඔහුගේ පව් සඟවා සමාව දෙනු ඇත. අල්ලාහ්ට හානියක් කිරීමට හෝ ඔහුට සෙත සැලසීමට හෝ ඔවුනට නො හැකිය. ඔවුන් කිසියම් මිනිසෙකුගේ ධාර්මික හදවත තරම් වඩාත් බැතිමත් වූයේ නම්, එය කිසිසේත් අල්ලාහ්ගේ ආධිපත්‍යය වැඩි කරන්නේ නැත. ඔවුන් සියල්ලෝම කිසියම් මිනිසෙකුගේ දුෂ්ට හදවත තරම් දුෂ්ට වුවද, ඔවුන්ගේ දුෂ්ටකම ඔහුගේ ආධිපත්‍යයෙන් කිසිවක් අඩු නොකරනු ඇත. හේතුව සැබවින්ම ඔහු අල්ලාහ් වෙත අවශ්‍යතාවෙන් පෙළෙන දුර්වලයෝ වන බැවිනි. සෑම අවස්ථාවකම සෑම කාලයකම හා සෑම ස්ථානයකම ඔහු වෙත ඔවුහු අවශ්‍යතාවෙන් පෙළෙති. සුවිශුද්ධ ඔහු ස්වාධීනය. ඔවුන්ගේ පළමුවැන්නා, ඔවුන්ගේ අන්තිමයා, ඔවුන්ගේ මනුෂ්‍ය වර්ගයා සහ ඔවුන්ගේ ජින්වර්ගයා උස් තැනකට නැගී අල්ලාහ්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම්, එසේ ඉල්ලන සෑම මිනිසෙකුටම ඔවුනොවුන් ඉල්ලන දෑ ඔහු පිරිනමනු ඇත. ඉඳිකටුවක් මුහුදට දමා ඉවතට ගත් විට එමගින් මුහුදෙන් කිසිවක් අඩු නොකරන ඉදි කටුවක් මෙන් අල්ලාහ් අබියස ඇති දැයින් කිසිවක් අඩු නොකරනු ඇත. හේතුව සුවිශුද්ධ ඔහු ස්වාධීනත්වයේ පරිපූර්ණයා වන බැවිනි. සැබැවින්ම අල්ලාහ් ගැත්තන්ගේ ක්‍රියාවන් ආරක්ෂා කර සටහන් කර තබා ගනී. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවා ඔවුනට ගෙවනු ඇත. එබැවින් කවරෙකු ඔහුගේ ක්‍රියාවෙහි යහපත් ප්‍රතිඵල ලැබුවේ ද අල්ලාහ් ඔහුට අවනත වීම සඳහා ආශිර්වාද කළ බැවින් ඔහු අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතුයි. ඔහුගේ ක්‍රියාවෙහි ප්‍රතිඵල ඒ හැර වෙනත් දෙයක් ලැබුවේ ද ඔහු තමන් විනාශය කරා මෙහෙයවූ නපුරු ආශාවන්ගෙන් යුත් ආත්මයට මිස වෙනත් කිසිවකට දොස් පැවරිය නො යුතුය.