සැබැවින්ම උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් අපා ගින්නට: “ඔබ පිරුණෙහි ද? යැයි විමසන බව දන්වා සිටියි. එය සැබැවින්ම මිනිසුන්ගෙන් හා ජින්නුන්ගෙන් පුරවා දමන බවට ඔහු එයට ප්රතිඥා දුන් බැවිණි. ඒ වෙත හෙළනු ලබන්නට නියම කළවුන්ට සුවිශුද්ධයාණන් නියෝග කරයි. එවිට එය: අමතරව කිසිවකු සිටිත් ද යැයි විමසයි. එනම් මා වෙත අමතරව රැස් කිරීම සඳහා කිසිවක් ඉතිරිව තිබේද යන්නයි. ගෞරවයේ පරමාධිපතියාණන් ඔහුගේ පාදය එහි මත තබන තෙක්ම එසේ විමසා සිටියි. එවිට එය: මෙය මට ප්රමාණවත්ය. පසුව එය ඔවුන් හසුකර ගෙන, එහි ඇතැමෙක් ඇතැමෙකු සමග එක්රැස් කරයි. අල්ලාහ් අපා ගින්නේ ඔවුන් වෙත ඉදිරිපත් කරන ‘පාදය’ යන ගුණාංගය පිළිබඳ විස්තර කිරීම සුදුසු නැත. වෙනත් අසත්යය පැහැදිලි කිරීම් ද අවශ්ය වන්නේ නැත. අල්ලාහ් සතු ගුණාංගයක් වන ‘පාදය’ යන්න කිසිදු විකෘති කිරීමකින් හෝ අඩුවැඩි කිරීමකින් තොරව විස්තර කිරීමකින් හෝ උපමා කිරීමකින් තොරව තහවුරු කිරීම අනිවාර්යය වන්නේය.