ලේ ඥාතීත්වය අල්ලාහ් සමග සම්බන්ධ වූවකි. එය ‘රහ්මාන්’ මහා කාරුණික යන නාමයෙන් බිඳී ආ පදයකි. මෙම හදීසය සමස්ත ගුණාංග පිළිබඳ හදීස් අතරින් වූවකි. එය සඳහන්ව පැමිණ ඇති අයුරින්ම ගෙන යා යුතු බව විද්වතුන් පෙන්වා දෙති. ඔහු සතු එම ගුණාංගය නැතැයි පවසන්නන්හට ඔවුහු ප්රතිචාර දක්වති. ඒ අනුව ඉණද කිසිදු විකෘති කිරීමකින් හෝ අඩු වැඩි කිරීමකින් හෝ ක්රමය පැහැදිලි කිරීමකින් හෝ උපමා කිරීමකින් හෝ තොරව විශ්වාස කළ යුතු අනිවාර්යය ගුණාංග අතරින් එකකි. සැබැවින්ම ඥාතීත්වය යනු බැදී ඇති සමීප සම්බන්ධතාවයි. සැබැවින්ම අල්ලාහ් ඒ සමග සම්බන්ධකම් පවත්වන්නන් සමග සම්බන්ධකම් පවත්වනු ඇත. කවරෙකු ඔහුගේ ඥාතීත්වය බිද දැමුවේ ද ඔහුගේ සමීප සම්බන්ධතාව ඔහුට සේන්දු වන්නේ නැත. අල්ලාහ් ද ඔහුව කපා හරිනු ඇත. අල්ලාහ් කවරෙකුගේ සම්බන්ධකම් කපා හැරියේ ද අල්ලාහ්ගේ සතුරා වන පළවා හරින ලද ෂෙයිතාන් සමගම ඔහුවද කපාහරිනු ඇත. සියලුම මැවීම් ඔහු සමග සම්බන්ධකම් ඇති කරන්නට බැලුවත් යම් සෙතක් කරන්නට බැලුවත් එය ඔහුට කිසිදු ඵලක් ගෙන දෙන්නේ නැත.