හදීසුල් කුද්සි හෙවත් දිව්‍යමය ප්‍රකාශ ඇතුළත් නබි වදනක අල්ලාහ් ප්‍රකාශ කර ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දන්වා සිටියහ. මාගේ ගැත්තා මා ගැන සිතන සිතුවිලි හමුවේ මම සිටිමි. මාගේ ගැත්තා මා ගැන සිතන පරිදි මමද ඔහු සමග කටයුතු කරමි. එය යහපත් බලාපොරොත්තු දෙමින් හා සමාව දානය කරමිනි. මා ගැන ඔහු තුළ ක්‍රියා කරන යහපත හෝ වෙනත් යමක් හෝ වේවා ඒ අයුරින්ම මම ඔහු සමග කටයුතු කරමි. ඔහු මා මෙනෙහි කරන විටදී, ඔහු සමග කරුණාවෙන්, ඔහුට ආශිර්වාද කරමින්, යහමග පෙන්වමින්, ඔහු ගැන සැළකිලිමත් වෙමින්, ඔහුව ශක්තිමත් කරමින් මම ඔහු සමග සිටිමි. තනිව හුදෙකලාවෙහි ඔහු මා සුවිශුද්ධ කරමින්, දේවත්වය මටම පුදමින් හා වෙනත් ගුණගායනා තුළින් මා ගැන ඔහු තුළ ඔහු මෙනෙහි කළේ නම්, මම මා තුළ ඔහු ගැන මෙනෙහි කරමි. ඔහු මා යම් පිරිසක් මධ්‍යයේ මෙනෙහි කළේ නම්, ඊට වඩා යහපත් විශාල පිරිසක් මධ්‍යයේ මම ඔහු ගැන මෙනෙහි කරමි. කවරෙකු අල්ලාහ් වෙත වියතක දුරක් සමීප වන්නේ ද අල්ලාහ් ඔහු වෙත බාහුවක දුරක් සමීප වනු ඇත. කවරෙකු ඔහු වෙත බාහුවක දුරක් සමීප වන්නේ ද ඔහු, ඔහු වෙත බාහු දෙකක දුරක් සමීප වනු ඇත. ඔහු අල්ලාහ් වෙත පා ගමනින් පැමිණියේ නම්, ඔහු වෙත ඔහු වේගයෙන් පැමිණෙනු ඇත. ගැත්තා තම පරමාධිපති වෙත ඔහුට අවනත වෙමින් හා ඔහුව පිළිගනිමින් ඔහු වෙත සමීප වූ විටෙක සැබැවින්ම උත්තරීතර පරමාධිපතියාණන් ඔහු වෙත වූ තම සමීපත්වය වැඩි කරනු ඇත. ඒ අනුව, ප්‍රතිඵල ඊට අදාළ ක්‍රියා වර්ගයෙන්ම පිහිටයි. දේවත්වය විශ්වාස කරන්නාගේ ගැතිභාවය තම පරමාධිපති වෙනුවෙන් සම්පූර්ණ වන සෑම අවස්ථාවකම උත්තරීතරයාණන් ඔහු වෙත සමීප වනු ඇත. අල්ලාහ්ගේ ත්‍යාගය ඔහුගේ කුසල, ගැත්තා කරන ක්‍රියාවට හා ඔහුගේ වෙහෙසට වඩා අධිකව පිරිනමනු ඇත. සැබැවින්ම එහි අවසානය නම්, සැබැවින්ම අල්ලාහ් පිරිනමන කුසල ක්‍රමයෙන් හා ප්‍රමාණයෙන් එම ක්‍රියාවට වඩා ඉහළින් පවතිනු ඇත. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා යහපත් සිතුවිලි ඇති කර ගනී. දැහැමි ක්‍රියාවන් ඉටු කරයි. අල්ලාහ් හමුවන තෙක්ම වෙහෙස වී අධිකව කටයුතු කරයි.