නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ජාබිර් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මිනිසා තම නිවසට පිවිසෙන විට, ඔහු පිවිසෙන අවස්ථාවේදී හා ඔහු ආහාර ගන්නා අවස්ථාවේදී අල්ලාහ්ව මෙනෙහි කළේ නම්, ෂෙයිතාන් (ඔහුගේ සගයින් දෙස බලා): ‘නුඹලාට නවාතැනත් නැත. නුඹලාට රාත්‍රී ආහාරයත් නැත.' යැයි පවසයි. නමුත් ඔහු පිවිසෙන විට, අල්ලාහ්ව මෙනෙහි නො කළේ නම් ෂෙයිතාන්: ‘නුඹලා නවාතැනත් රාත්‍රී ආහාරයත් ලැබුවෙහුය" යැයි පවසයි. صحيح - رواه مسلم
explain-icon

විවරණය

නිවසට ඇතුලු වීමට හා ආහාර ගැනීමට පෙර අල්ලාහ්ව මෙනෙහි කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අණ කළහ. යමෙකු නිවසට ඇතුලු වන අවස්ථාවේ හා ආහාර ගන්නා අවස්ථාවේ 'බිස්මිල්ලාහ්' යනුවෙන් පවසා අල්ලාහ්ව මෙනෙහි කළ විට, ෂෙයිතාන් තම මිතුරන්ට: 'උත්තරීතර අල්ලාහ්ව සිහිපත් කරමින් නුඹලාගෙන් ආරක්ෂාව පැතූ තැනැත්තාගේ නිවසෙහි නවාතැන් හෝ ආහාර කිසිවක් නුඹලාට නැත' යැයි පැවසීය. තම නිවසට ඇතුලු වන මිනිසා, එසේ ඇතුලු වන අවස්ථාවේ හෝ ආහාර ගන්නා අවස්ථාවේ හෝ අල්ලාහ්ව සිහිපත් නොකළේ නම්, ෂෙයිතාන් තම සහායකයින්ට: 'සැබැවින්ම එම නිවසෙහි නවාතැන් හා රාත්‍රී භෝජන තමන් ලබනු ඇතැ'යි පවසා සිටියි.

explain-icon

හදීසයේ හරය

  • නිවසට ඇතුලු වන අවස්ථාවේ හා ආහාර ගන්නා අවස්ථාවේ අල්ලාහ්ව මෙනෙහි කිරීම සතුටුදායකය. හේතුව, උත්තරීතර අල්ලාහ්ගේ නාමය සිහිපත් කරනු නො ලැබුවේ නම්, ෂෙයිතාන් එම නිවෙස්වල රාත්‍රිය ගත කරන අතර එහි වැසියන්ගේ ආහාර අනුභව කරනු ඇත.
  • මිනිසාගේ ක්‍රියා කාරකම්, ඔහුගේ හැසිරීම් හා ඔහුගේ සියලු කටයුතු ගැන ෂෙයිතාන් මාන බලමින් සිටියි. ඔහුට අල්ලාහ්ව සිහිපත් කිරිමට අමතක වූ සැනින් ෂෙයිතාන් තම අරමුණ ඔහුගෙන් ඉෂ්ට කරගනු ඇත.
  • අල්ලාහ්ව මෙනෙහි කිරීම ෂෙයිතාන්ව පළවා හරිනු ඇත.
  • සෑම ෂෙයිතානුවෙකුටම අනුගාමකයින් හා සහායකයින් සිටිති. ඔවුහු ඔහුගේ ප්‍රකාශය තුළින් ඔවුන් සතුටු වන අතරම ඔහුගේ නියෝගය පිළිපදිති.