නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම- තුමාණන් පැවසූ බව අබූ සඊද් අල් කුද්රි තුමා හා අබූ හුරෙය්රා තුමා -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. ගැත්තා لا إله إلا الله والله أكبر ලා ඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර් (අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. අල්ලාහ් අති ශ්රේෂ්ඨය) යැයි පවසන විට මා හැර වෙනත් දෙවිඳෙකු නැත. තවද මම අති ශ්රේෂ්ඨය. යැයි නියත වශයෙන්ම අල්ලාහ් එම ගැත්තා සනාථ කරමින් පවසා සිටියි. ඔහු الله أكبر ولا حول ولا قوة إلا بالله අල්ලාහු අක්බර් වලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ් (අල්ලාහ් අති ශ්රේෂ්ඨය අල්ලාහ්ගෙන් තොරව කිසිදු පෙරළීමක් හෝ කිසිදු ශක්තියක් හෝ නොමැත) යැයි පවසන විට එලෙසම අල්ලාහ් ඔහුව සනාථ කරනු ඇත. පසුව ඉතිරි දික්ර් සමග ඔහු මරණයට පත් වූයේ නම් නිරා ගින්න ඔහුව අනුභව නොකරනු ඇත. එනම් මිනිසාට නිරා ගින්න තහනම් කිරීමේ හේතූන් අතුරින් එකක් බවට එය පත් වන්නේය. එහෙයින් මෙම දික්රයන් කටපාඩම් කිරීමත් තමන් රෝගීව සිටින විට අල්ලාහ්ගේ අභිමතය පරිදි යහපත් අවසානයක් දක්වා අධික ලෙස පැතීමත් අවශ්ය වන්නේය.