කියවන්නාට පාඩු නොවන, ඒ ගැන ඔහු පසුතැවිලි නොවන, නමුත් ඔහුට එහි කුසල් හිමිවන දික්ර් (මෙනෙහි කිරීම්) කිහිපයක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. ඒවායින් ඇතැමක් ඇතැමකට පසුව පැමිණෙයි. අනිවාර්යය සලාතයට පසුව කියනු ලැබේ. තිස් තුන් වතාවක් (සුබ්හානල්ලාහ් යනුවෙන්) තස්බීහ් පැවසීම. එනම් සෑම අඩුපාඩුවකින්ම උත්තරීතර අල්ලාහ්ව පිවිතුරු කිරීමය. තිස් තුන් වතාවක් (අල් හම්දුලිල්ලාහ් යනුවෙන්) තහ්මීද් පැවසීම. එනම් අල්ලාහ්ට ආදරය කරමින් හා ඔහුට ගරුබුහුමන් කරමින් ඔහු සතු පරිපූර්ණ ගුණාංග තුළින් ඔහුව වර්ණනා කිරීමය. තිස්හතර වතාවක් (අල්ලාහු අක්බර් යනුවෙන්) තක්බීර් පැවසීම. එනම්: අල්ලාහ් සියලු දෑට වඩා මහත් තේජාන්විතය; අති ශ්‍රේෂ්ඨය; සර්වබලධාරීය.