නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතය සඳහා තක්බීර් පැවසූ විට සූරා අල්-ෆාතිහා පාරායනය කිරීමට පෙර සුළු වේළාවක් නිහඩ ව සිටියහ. එහිදී ඇතැම් ප්‍රාර් ථනාවන් සමග එතුමාණෝ තම සලාතය ආරම්භ කළහ. එසේ වාර් තා වී ඇති ප්‍රාර් ථනා අතරින් මෙය එක් ප්‍රාර්ථනාවකි. اللهم بَاعِدْ بَيْنِي وَبَيْنَ خَطَايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ ، اللهم نقِّنِي مِنْ خَطَايَايَ كَمَا يُنَقَّى الثَّوْبُ الْأَبْيَضُ مِنْ الدَّنَسِ ، اللهم اِغْسِلْنِي مِنْ خَطَايَايَ بِالْمَاءِ وَالثَّلْجِ وَالْبَرَدِ තේරුම : යා අල්ලාහ්! නැගෙනහිර හා බටහිර අතර ඔබ දුරස් කළාක් මෙන් මා හා මාගේ පාපයන් අතර දුරස් කරනු මැනව! යා අල්ලාහ්! සුදු වස්ත්‍රයක කිලිටි පිරිසිදු කරනු ලබනවාක් මෙන් මාගේ පාපයන්ගෙන් මා පිරිසිදු කරනු මැනව! ජලය, පිනි කැට හා හිම තුළින් මාගේ පාපයන්ගෙන් මා සෝදා හරිනු මැනව! එය, නැගෙනහිර හා බටහිර කවදත් හමු නොවන සේ වෙන්ව පවතින්නාක් මෙන් තමන් අතර හා තම පාපයන් අතර එහි තමන් නොවැටෙන සේ ඒ සමග එකිනෙක හමු නොවන සේ දුරසක් ඇති කරන මෙන් ද, එසේ එහි වැටුනේ නම් සුදු වස්ත්‍රයකින් කිළිටි ඉවත් කරන්නාක් මෙන් එය ඉවත් කර පිරිසිදු කරන මෙන් ද, ඔහුගේ වැරදිවලින් ඔහුව සෝදා එහි උණුසුම හා එහි රශ්ණය ජලය, පිණි දිය, හා සීතල වතුර වැනි සිසිල් පිරිසිදු දෙයින් සිසිල් කරන මෙන් ද කෙරෙන ඉල්ලීමකි.