අනිවාර්යය සලාතය අවසන් කළ පසුව කවරෙකු ආයතුල් කුර් සී පාරායනය කරන්නේ ද ඔහු ස්වර් ගයට පිවිසීමට මරණය හැර වෙනත් කිසිවක් ඔහුට බාධකයක් වන්නේ නැත. එය සූරතුල් බකරාවෙහි සඳහන් පාඨයකි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَا يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ තේරුම: අල්ලාහ් වන ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු සදා ජීවමාන ය, සදා පැවැත්මක් ඇත්තා ය. මඳ නින්ද හෝ (තද) නින්ද ඔහු ව ග්‍රහණය නො කරන්නේය. අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහු අනුමැතිය දුන් අය මිස ඔහු අබියස මැදිහත්වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේය. ඔහු අභිමත වූ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්‍රහණය නො කරති. ඔහුගේ ආසනය අහස් හි හා මහපොළොවෙහි ව්‍යාප්ත ව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නොවේ. තව ද ඔහු අති උත්තරීතර ය. මහෝත්තම ය. (අල්-බකරා: 255)