නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුආද් (රළියල්ලාහු අන්හු) තුමාගේ අත අල්ලාගෙන ඔහුට: “අහෝ මුආද්! අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම ඔබට ප්‍රිය කරමි. අහෝ මුආද්! මම ඔබට උපදෙස් දෙමි. සෑම සලාතයකට පසුවම ඔබ මෙසේ පැවසීම අත් නොහරින්න:" යැයි පැවසුහ. (අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික) අහෝ දෙවිඳුනි, ඔබට අවනතභාවය පුද කරන සෑම ප්‍රකාශක් සහ සෑම ක්‍රියාවක් තුළින්ම මා ඔබව සිහිපත් කිරීමට ඔබ මට උපකාර කරනු මැනව! (වෂුක්රික) පිරිනමා ඇති ආශිර්වාද වෙනුවෙන් ද, ව්‍යසනයෙන් මා මුදවා ගත් බැවින් ද ඔබට කෘතඥ වීමට ඔබ මට උදව් කරනු මැනව! (වහුස්නු ඉබාදතික්) අල්ලාහ්ට අවංක ලෙසින් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව අනුගමනය කරමින් ද ඔබට දැහැමි අයුරින් නැමදුම් කිරීමටත් ඔබ මට උදව් කරනු මැනව!