කවරෙකු අනිවාර්යය සලාතයෙන් පසු පහත සඳහන් කරුණු පවසන්නේ ද ඔහුගේ පව්වලට සමාව දෙනු ලබන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. තිස් තුන් වරක් සුබ්හානල්ලාහ් යැයි පවසා සියලු අඩුපාඩුවලින් අල්ලාහ්ව පිවිතුරු කිරීම. තිස් තුන් වරක් අල්හම්දුලිල්ලාහ් යැයි පවසා අල්ලාහ් කෙරෙහි ආදර බැඳීමෙන් හා ගරු කිරීමෙන් යුතුව ඔහුගේ සියලුම පූර්ණවත් ගුණාංග මෙනෙහි කරමින් ඔහුව ප්‍රශංසා කිරීම. තිස් තුන් වරක් අල්ලාහු අක්බර් යැයි පවසා සැබැවින්ම අල්ලාහ් සර්වබලධාරීය, සියලු දෑට වඩා ඔහු අති කීර්ති මත්ය යැයි පිළිගෙන ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම. "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්" යනුවෙන් පැවසීමෙන් සියය සම්පූර්ණ වෙයි. එහි තේරුම: සැබෑ ලෙස නැමදුම් ලබන්නට අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සැබැවින්ම පූර්ණ ආධිපත්‍යය සුවිශුද්ධ ඔහු සතුය. ප්‍රශංසාවටත් ආදරය සමග වූ පැසසුමටත් ගරුබුහුමන් කිරීමටත් සුදුස්සා ඔහු හැර වෙනත් කිසිවකු නැත. සැබැවින්ම ඔහුට කිසිවක් අපොහොසත් වන්නේ නැති අතර ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. කවරෙකු මෙය පවසන්නේ ද, ඔහුගේ පාපකම් මුහුදු රැළි නගන විට හා රළුවන විට මතුවන සුදු පෙණ තරම් තිබුණ ද ඒවා මකා දමා ඔහුට සමාව දෙනු ලැබේ.