අබ්දුර් රහ්මාන් ඉබ්නු අබූ ලයිලා විසින් වාර්තා කරන ලදී. "කඃබ් ඉබ්නු උජ්රා තුමා මා මුණ ගැසී මම ඔබට ත්‍යාගයක් වශයෙන් යමක් පවසන්න ද?" යැයි විමසා සිටියේය. "සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අප වෙත පැමිණියේය. එවිට අපි අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට අප සලාම් කිව යුත්තේ කෙසේ දැ?යි අපි දනිමු. නමුත් ඔබ වෙත අපි සලවාත් (ආශිර්වාද) පැවසිය යුත්තේ කෙසේ ද?යැයි විමසුවෙමු. එවිට එතුමාණෝ නුඹලා “අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලෙයිත අලා ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්, අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්.” (අහෝ දෙවියනි! ඉබ්රාහීම් තුමාගේ පවුලේ අය වෙත ඔබ ආශිර්වාද කළාක් මෙන් මුහම්මද් තුමාණන් හා එතුමාණන්ගේ පවුලේ ඥාතීන්හට ආශිර්වාද කරත්වා! සැබැවින්ම ඔබ ප්‍රශංසාලාබීය. කීර්තිමත්ය. දෙවියනි, ඉබ්රාහීම් තුමාගේ පවුලේ උදවිය වෙත ඔබ සමෘද්ධිය ඇති කළාක් මෙන් මුහම්මද් තුමාණන් හා මුහම්මද් තුමාගේ පවුලේ ඥාතීන්හට සමෘද්ධිය ලබා දෙත්වා! සැබැවින්ම ඔබ ප්‍රශංසාලාබීය, කීර්තිමත්ය. යනුවෙන් පවසනු" යැයි පැවසූහ. صحيح - متفق عليه
explain-icon

විවරණය

සහාබාවරු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට අත්තහය්යාත්හි "අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබවරකාතුහු" යැයි සලාම් පැවසීමේ ක්‍රමය දැනගත් පසු එතුමාණන්ට සලවාත් පැවසිය යුත්තේ කෙසේදැයි එතුමාණන්ගෙන් විමසා සිටියහ. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තමන් වෙත සලවාත් පැවසිය යුතු ආකාරය ඔවුනට දන්වා සිටියහ. එහි තේරුම: “අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින්" (මුහම්මද් තුමාණන් හා එතුමාණන්ගේ පවුලේ ඥාතීන්හට ආශිර්වාද කරත්වා!) එනම්: උසස් ප්‍රධානීන් අතරත් තම දහම පිළිපදින්නන් අතරත් තම සමීපතාව විශ්වාස කරන මුඃමින්වරුන් අතරත් එතුමාණන් ගැන අලංකාර ලෙස මෙනෙහි කරමින් එතුමාව පැසසීම. කමා සල්ලෙයිත අලා ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්, (ඉබ්රාහීම් තුමාගේ පවුලේ උදවිය වෙත ඔබ ආශිර්වාද කළාක් මෙන්) ඉබ්‍රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ පවුලේ උදවිය ඔබ භාග්‍යමත් කළා සේ. ඉබ්‍රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, ඔවුන්ගේ පරපුර ඔවුන් අනුගමනය කළ දේව විශ්වාසීන් එතුමාගේ පවුලේ අය වෙති. එහෙයින් ඔබේ භාග්‍යය මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ටත් දායාද කරත්වා! "ඉන්නක හමීදුන් මජීද්" (සැබැවින්ම ඔබ ප්‍රශංසාලාබීය. කීර්තිමත්ය.) එනම්: ඔබේ පැවැත්මෙන්, ඔබේ ගුණාංගයෙන් ඔබේ ක්‍රියාවෙන් ඔබ ප්‍රශංසාලාභීය. එමෙන්ම ඔබේ බලයෙහි, ඔබේ ආධිපත්‍යයෙහි හා ඔබේ ත්‍යාගශීලීභාවයෙහි ඔබ අති මහත්ය. "අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම” (දෙවියනි! ඉබ්රාහීම් තුමා වෙත ඔබ සමෘද්ධිය ඇති කළාක් මෙන් මුහම්මද් තුමාණන් හා මුහම්මද් තුමාගේ පවුලේ ඥාතීන්හට සමෘද්ධිය ලබා දෙත්වා!) එනම්: එතුමාණන්ට යහපත හා ගෞරවය පිරිනමත්වා, එය වැඩිවැඩියෙන් ලබා දෙත්වා එය වර්ධන කර ස්ථාවර කරත්වා.

explain-icon

හදීසයේ හරය

  • පූර්වගාමීහු දැනුම එකිනෙකාට ලබා දෙමින් ත්‍යාග හුමවාරු කර ගත්හ.
  • සලාතයේ අවසන් හිඳුමෙහි තෂහ්හුද් පැවසීමෙහි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලවාත් පැවසීම අනිවාර්යය වේ.
  • නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සහගාමීන් හට තමන් කෙරෙහි සලාම් හා සලවාත් පැවසිය යුතු ආකාරය ඉගැන්වූහ.
  • මෙම අනුවාදය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත සලවාත් පැවසීමේ පූර්ණවත් අනුවාදය වේ.
explain-icon

අමතර