ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ පවසා සිටියා ය. "මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අසළින් නිදාගෙන සිටියෙමි. රාත්‍රියේ දී එතුමාණන්ව මම නොදැක්කෙමි. එවිට කුටියේ එතුමාණන් සලාත් ඉටු කරන ස්ථානය මගේ අතින් මම අතපතගා බැලුවෙමි. එවිට එතුමා තම පාද සිටුවා තබමින් සුජූද් ඉරියව්වෙහි සිටියහ. එවිට එතුමාණෝ මෙසේ පවසා සිටියහ. 'අඌදු' (මම ආරක්ෂාව පතමි) මම ඔබෙන් ඉල්ලමි. 'බිරිළාක මින් සුහ්ඃතික' (ඔබේ තෘප්තිය තුළින් ඔබේ කෝපයෙන් ද) මා වෙත හා මාගේ සමූහයා වෙත 'ව' (තවද) මම ආරක්ෂාව පතමි. 'බිමුආෆාතික' ඔබේ අධික සමාව තුළින් 'මින් උකූබතික' ඔබේ දඬුවමින් ද ආරක්ෂාව පතමි. 'වඅඌදු බික මින්ක' (තවද මම ඔබෙන් ආරක්ෂාව පතමි.) ඔබේ අලංකාර ගුණාංග හා ඔබේ කීර්තිමත් ගුණාංග තුළින්. ඔබෙන් හැර වෙනත් කිසිවකුගෙන් ආරක්ෂාවක් නොමැත. එබැවින් සරණ පතන තැනක් හෝ රැකවරණය ලබන තැනක් හෝ අල්ලාහ් වෙත නැඹුරු වීමෙන් තොරව ලබන්නේ නැත. 'ලා උහ්සී සනාඅන් අලයික' (ප්‍රමාණවත් තරමට මා විසින් ඔබට ප්‍රශංසා කළ නො හැක.) මට නොහැකිය, ඔබේ ආශිර්වාද හා ඔබේ උපාකර ගණන් කිරීමට නොහැකි බැවින් ඒ සඳහා මා උත්සාහ දැරුව ද ඔබට හිමිවිය යුතු පරිදි සංඛ්‍යාවෙන් හා ගණනින් ළඟා විය නොහැක. 'අන්ත කමා අස්නයිත අලා නෆ්සික' ඔබ ගැන ඔබ ප්‍රශංසා කළ පරිදිම ඔබේ ප්‍රශංසාව ඔබට ගැළපෙන අයුරින් පිහිටා ඇත. එබැවින් ඔබට කරන ප්‍රශංසාවේ වගකීම පූර්ණව ඉටු කිරීමට හැකිවන්නේ කාහට ද?