නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සලාතයේ දී අවසන් තෂහ්හුදයෙන් පසුව හා සලාම් පැවසීමට පෙර කරුණු හතරකින් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පැතූහ. ඒවායින් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන මෙන් එතුමාණෝ අපට ද නියෝග කළහ. පළමුවැන්න: මිනීවලෙහි දඬුවමින්. දෙවැන්න: අපා ගින්නේ වේදනාවෙන්. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ය. තුන්වැන්න: මෙලොවෙහි තහනම් කරන ලද අශාවන් හා මුළා කරන සුළු සැකයන් හේතුවෙන් ජීවිතයේ ඇතිවන අර්බූධවලින් වූ අරාක්ෂාව හා මිය යන මොහොතේ ඇතිවන අර්බූධයෙන් ආරක්ෂාවය. එනම් මරණ මොහොතේ දී ඉස්ලාමයෙන් හෝ සුන්නාවෙන් බැහැර වීමය. එසේ නැතහොත් මලක්වරුන් ප්‍රශ්න කිරීම වැනි මිනී වලෙහි ඇති වන අර්බූධයෙන් ආරක්ෂාව පැතීමය. සිව්වැන්න: අවසන් කාලයේ බැහැරට එන මසීහුද් දජ්ජාල්ගේ අර්බූධයයි. අල්ලාහ් ඔහු තුළින් තම ගැත්තන් පරීක්ෂණයට ලක් කරනු ඇත. ඔහුගේ අර්බූධයේ හා ඔහුගේ මුළාවෙහි බරපතලකම පෙන්වීම සඳහා මෙම සිහිපත් කිරීම විශේෂයෙන් සිදු කර ඇත.