නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතයේ රුකූඋහි සිට එතුමාණන්ගේ කොන්ද ඔසවා ගත් විට "සමිඅල්ලාහු ලිමන් හමිදා'* යැයි පවසයි එනම්: කවරෙකු උත්තරීතර අල්ලාහ්ට ප්‍රශංසා කළේ ද ඔහු වෙනුවෙන් අල්ලාහ් ප්‍රතිචාර දක්වනු ඇත. ඔහුගේ ප්‍රශංසා කිරීම පිළිගෙන ඔහුට කුසල් පිරිනමනු ඇත. පසුව මෙසේ තවදුරටත් අල්ලාහ්ව ප්‍රශංසා කරයි: 'අල්ලාහුම්ම රබ්බනා වලකල් හම්දු මිල්අස් සමාවාති වමිල්අල් අර්ළි වමිල්අ මා ෂිඃත මින් ෂෙයිඉන් බඃද්" එනම්: අහස්, මහපොළොව හා ඒ දෙක අතර ඇති දෑ පුරාවටම, අල්ලාහ් අභිමත කරන දෑ පුරාවරටම ඇති ප්‍රශංසාවන්ය.