නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නියම කරන ලද අනිවාර්යය සෑම සලාතයකටම පසුව මෙසේ පවසන්නෙකු වූහ.* "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු, ලහුල් මුල්කු වලහුල් හම්දු, වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්, අල්ලාහුම්ම ලා මානිඅ ලිමා අඃතය්ත වලා මුඃතිය ලිමා මනඃත, වලා යන්ෆඋ දල් ජද්දි මින්කල් ජද්දු" එනම්: "ලා ඉලාහ ඉල්ලල්ලාහ්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත) යන ඒකීයත්වයේ ප්‍රකාශය මම පිළිගත්තෙමි. නියම නැමදුම අල්ලාහ් වෙනුවෙන් පමණක්ම මම ස්ථීර කළෙමි. ඔහු හැර සෙස සියලු දෑ මම අහෝසි කළෙමි. එහෙයින් අල්ලාහ් හැර නැමදුම් ලබන්නට වෙනත් කිසිවකු නැත. සැබෑ පූර් ණවත් රාජ්‍යය අල්ලාහ්ට පමණක් සතු බව මම පිළිගත්තෙමි. අහස්හි හා මහපොළොව වාසීන්ගේ සියලුම ප්‍රශංසාවන්ට හිමිකම් ලබනුයේ උත්තරීතර අල්ලාහ්ය. එය ඔහු සියලු දෑ කිරීමට සර් වබලධාරී වීමෙනි. පිරිනැමීමට හෝ තහනම් කිරීමට කවර කරුණක් අල්ලාහ් නිර් ණය කළේ ද එයට පටහැනිව ක්‍රියා කරන කිසිවෙකු නැත. ඔහු ඉදිරියේ පොහොසතාගේ පොහොසත් කම ප්‍රයෝජනවත් වන්නේ නැත. සැබැවින්ම ඔහුට ප්‍රයෝජනවත් වනුයේ දැහැමි ක්‍රියාවන් පමණි.