ගම්බද මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ තමන් ස්වර්ගයට පිවිසිය හැකි ක්‍රියාවක් තමන්ට පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටියේය. සැබැවින්ම ස්වර්ගයට පිවිසීම හා අපා ගින්නෙන් මිදීම පිහිටා ඇත්තේ ඉස්ලාමයේ මූලිකාංග ඉටු කිරීම මත හා අල්ලාහ්ට පමණක් නැමදුම් ඉටු කරමින් හා ඔහුට කිසිවක් ආදේශ නොකිරීම මත බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුට පිළිතුරු දුන්නේය. එමෙන්ම සෑම රැයකම හා දහවලකම තම ගැත්තන් කෙරෙහි අල්ලාහ් අනිවාර්යය කළ පස්වාර සලාතය ඉටු කිරීම. අල්ලාහ් ඔබට අනිවාර්යය කළ වස්තුවේ සකාතය පිරිනැමීම; ඒවා සුදුසුකම් ලාබීන් හට භාර දීම. රමළාන් මාසයේ උපවාසය නියමිත කාලය තුළ ප්‍රවේසමින් ඉටු කිරීම. එම පුද්ගලයා, 'මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. අවනතභාවයේ කවර කරුණක් මා ඔබෙන් සවන් දුන්නේ ද එවන් අනිවාර්යය කරනු ලැබූ ක්‍රියාවට අමතර කිසිවක් මම වැඩි නොකරමි. ඉන් කිසිවක් අඩු නොකරමි' යැයි පැවසී්‍ය. ඔහු හැරී ගිය පසු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසූහ: ස්වර්ගවාසීන් අතරින් මිනිසෙකුව දකින්නට කවරෙකු ප්‍රිය කරන්නේ ද ඔහු මෙම ගැමි අරාබිවරයා දෙස බලත්වා.