කවරෙතු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයකට සවන් දී අන් අයට එය දන්වා සිටිය හැකි පරිදි එය කටපාඩම් කර ගත්තේ ද ඔහු වෙනුවෙන් මෙලොව අලංකාරය, සතුට හා ප්‍රමෝදය සඳහා ද ස්වර්ගයේ පවතින සැපත හා මතුලොවෙහි පවතින ආශිර්වාදය හා සතුට වෙත අල්ලාහ් සේන්දු කරවීම සඳහාද ප්‍රාර්ථනා කළහ. ඇතැම් විට හදීසය දැනුම් දෙන තැනැත්තාට වඩා එය ලබන තැනැත්තා වඩාත් ධාරණ හැකියාව ඇති, වඩාත් අවබෝධයක් ඇති ඉන් කරුණු මනා ලෙස පරිශීලනය කර ගත හැකි අයකු විය හැක. ඒ අනුව පළමුවැන්නා ධාරණය කිරීමට හා සම්ප්‍රේශණය කිරීමට බැඳී ඇති අතර දෙවැන්නා වටහා ගැනීමටත් කරුණු පරිශීලනය කර මතු කර ගැනීමටත් බැඳී සිටියි.