අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඇති වැදගත්ම පාඨය කුමක්දැ යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උබෙයි ඉබ්නු කඃබ් තුමාගෙන් විමසා සිටියහ. ඔහු පිළිතුරු දීමට පසුබට විය. පසුව ඔහු (සූරා අල් බකරාහි 255 වැනි පාඨය වන) "අල්ලාහු ලා ඉලාහ ඉල්ලා හුවල් හය්යුල් කය්යූම්" යැයි පැවසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය තවදුරටත් තහවුරු කර ඔහුගේ පපුවට තට්ටු කර දැනුමෙන් හා ප්‍රඥාවෙන් එය පිරී ඇති බව පෙන්වා දුන් අතර මෙම දැනුම හේතුවෙන් ඔහුට මිහිරි බව ඇති වීමටත් ඔහුට පහසු වීමටත් ප්‍රාර්ථනා කර සිටියහ.