අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත (අහස් තුළ ඇති දෑ ද මහපොළොව තුළ ඇති දෑ ද අල්ලාහ් සතු ය.) එනම් මැවීම්, රජකම, වෙනස් කිරීම්, පාලනය. وَإِنْ تُبْدُوا (නුඹලා හෙළිදරව් කරන්නේ නම් හෝ) නුඹලා එය පෙන්වා දැනුම් දෙන්නේ නම් مَا فِي أَنْفُسِكُمْ (නුඹලාගේ හදවත් තුළ ඇති දෑ) නුඹලාගේ සිතු තුළ ඇති දෑ أَوْ تُخْفُوهُ (එය නුඹලා සඟවන්නේ නම් හෝ) එය ඔබේ සිත් තුළ රහසිගතව තබා ගනිමින් එය වසන් කරන්නේ නම් හෝ. يُحَاسِبْكُمْ بِهِ اللهُ (අල්ලාහ් නුඹලාගෙන් ප්‍රශ්න කරන්නේය.) එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දීය. فَيَغْفِرُ لِمَنْ يَشَاءُ (ඒ පිළිබඳ ව පසුව ඔහු අභිමත කරන අයට සමාව දෙන්නේය.) එය ඔහුගේ භාග්‍යයෙන් හා ඔහුගේ කරුණාව තුළිනි. وَيُعَذِّبُ مَنْ يَشَاءُ (තවද ඔහු අභිමත කරන අයට දඬුවම් කරන්නේය.) එය ඔහුගේ යුක්ති ධර් මය තුළිනි. وَاللهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ (තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.) ඔහු කිසිවක් කෙරෙහි අපොහොසත් වන්නේ නැත. සහාබාවරුන් මෙයට සවන් දුන් කල්හි, එය ඔවුනට දැඩි සේ අසහනකාරී විය. මක්නිසාදයත් එහි සිත තුළ ඇති වැරදිවලට පවා ග්‍රහණය කරනු ලබන බැවිනි. පසුව ඔවුන් අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ දණින් වාඩි වී මෙසේ පවසා සිටියහ: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මීට පෙර සලාතය, උපවාසය, ජිහාදය හා සදකාව වැනි ශාරීරිකව කරන, අපට දැරිය හැකි දෑ අප මත පැවරනු ලැබීය. නමුත් (දැන්) මෙම වැකිය ඔබට පහළ වී ඇත. එය අපට දැරිය නොහැක. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ ඔවුනට මෙසේ පැවසූහ: ඔබට පෙර සිටි යුදෙව් හා කිතුනුවන් "සමිඃනා වඅසෙයිනා" (අපි සවන් දුනිමු. පිටුපෑවෙමු.)" යැයි පවසා සිටියක් මෙන් ඔබත් පවසන්නට අපේක්ෂා කරන්නෙහු ද?" ඒ වෙනුවට ඔබ "සමිඃනා වඅතඃනා ගුෆ්රානක රබ්බනා වඉලයිකල් මසීරු" (අපි සවන් දුනිමු. අවනත වූයෙමු අපගේ පරමාධිපතියාණනි, අපට සමාව දෙනු මැනව! නැවත යොමුවන ස්ථානය ඇත්තේ ඔබ වෙතය.) යැයි පවසන්න. සහාබාවරු අල්ලාහ්ගේ නියෝගයට හා ඔහුගේ දූතයාණන්ගේ නියෝගයට පිළිතුරු දී "සමිඃනා වඅතඃනා ගුෆ්රානක රබ්බනා වඉලයිකල් මසීර්" යැයි පැවසූහ. ඒ ගැන කතා කර ඔවුන්ගේ දිව මත සුමටව ගලා ගිය කල්හි, ඔවුන්ගේ සිත් එයට යටත් වූ කල්හි, අල්ලාහ් නබිවරයාණන් හා එතුමාණන්ගේ ප්‍රජාව පිරිසිදු කරමින් මෙසේ පහළ කළේය. آمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالمُؤْمِنُونَ (තම පරමාධිපතිගෙන් තමන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව ධර් ම දූතයා විශ්වාස කළේය. විශ්වාස කළවුන් ද (විශ්වාස කළෝය.) ඔවුන්ගේ දිවවල් හා ඔවුන්ගේ හදවත් අල්ලාහ්ගේ නියෝගයට යටත් විය. كُلٌّ آمَنَ بِاللهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ (සියල්ලෝම අල්ලාහ්ව ද ඔහුගේ දේව ග්‍රන්ථ ද ඔහුගේ ධර ම දූතයින්ව ද විශ්වාස කළෝය. ඔහුගේ ධර්ම දූතයින් අතුරින් කිසිවෙකු අතර හෝ අපි වෙනස්කම් ඇති නොකරන්නෙමු.) එසේ නොව අපි ඔවුන් සියල්ලන් විශ්වාස කරමු. وَقَالُوا سَمِعْنَا (තවද අපි සවන් දුනිමු) ඔබේ ප්‍රකාශයට. وَأَطَعْنَا (අවනත වූයෙමු) ඔබේ නියෝගයට. අපි ඔබෙන් මෙසේ පතමු. غُفْرَانَكَ رَبَّنَا (අපගේ පරමාධිපතියාණෙනි, ඔබෙන් සමාව පතන්නෙමු) ඔබේ සමාව. وَإِلَيْكَ المَصِيرُ (තවද යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය.) විනිශ්චය සිදුවන දිනයේ නැවත යොමු වන ස්ථානයයි. ඔවුන් එය ඉටු කර එම ප්‍රකාශයෙන් නියෝග කරනු ලැබුවේ අල්ලාහ්ගේ නියෝගවලට සවන්දීමට හා අවනත වීමට ය යැයි පැවසූ කල්හි අල්ලාහ් මෙම ප්‍රජාවට පහසුකම් සැළසීය එම පාඨය පහත පාඨය තුළින් වෙනස් කළේය. එනම් لَا يُكَلِّفُ اللهُ نَفْسًا إِلَّا وُسْعَهَا (අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස වෙනත් කිසිවක් පටවන්නේ නැත.) එනම් එය ශක්තියේ, හැකියාවේ හා කැපවීමේ තරමට විය යුතුය යන්නය. لَهَا (එයටය) එහි කුසල්. مَا كَسَبَتْ (එය ඉපැයූ දෑ) එය කළ යහපත) وَعَلَيْهَا (එයට එරෙහිව) එහි දඬුවම مَا اكْتَسَبَتْ (එය ඉපැයූ දෑ) ඉපැයූ වරද හා පාපය. අල්ලාහ් වෙනත් කිසිවකු විසින් සිදු කළ පාපයක් හේතුවෙන් තවත් කෙනෙකුව වරදට හසු කරන්නේ නැති අතර සිත තුළ ඇතිවන සැක සහිත දෑ සම්බන්ධයෙන් වදරට හසු කරන්නේ ද නැත. رَبَّنَا لَا تُؤَاخِذْنَا (අපගේ පරමාධිපතියාණෙනි, අපව දඬුවමට ග්‍රහණය නොකරනු මැනව!) අපට දඬුවම් නොකරනු මැනව. إِنْ نَسِينَا (අප -යමක්- අමතක කළේ නම්) අපට මතක් නොවූයේ නම්, أَوْ أَخْطَأْنَا (එසේ නැතහොත් අප වරදක් කළේ නම්) උවමනාවකින් තොරව අපි යහපත අත්හැරියේ නම්. එවිට අල්ලාහ් ඒ ගැන ඔවුනට පිළිතුරු දුන්නේය. ඔහු මෙසේ පවසා සිටියේය. එසේය මම සිදු කළෙමි. رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَا إِصْرًا (අපගේ පරමාධිපතියාණනි! අප මත බරක් නොපටවනු මැනව) දුෂ්කරත්වයක් හා අසීරුතාවක් නොපටවනු මැනව. كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا (අපට පෙර සිටියවුන් මත කවර දෙයක් ඔබ උසුලන්නට සැලැස්වූයේ ද එවැනි බරක්) එනම් ඉස්රාඊල් දරුවන්ට හා වෙනත් අයට. එවිට ද අල්ලාහ් එයට පිළිතුරු දෙමින් එසේය මම එය ඉටු කළෙමි යැයි පැවසීය. رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِ (කවර දෙයක් අපට සිදු කිරීමට ශක්තිය නොමැත්තේ ද එවැන්නක් අප මත නොපටවනු මැනව!) එනම් අපට ඉසිලිය නොහැකි වගකීම් පරීක්ෂණ හා නියෝග අප මත නොපටවනු මැනව. එයට ද අල්ලාහ් මෙසේ පැවසීය. එසේය මම එය ද ඉටු කළෙමි. وَاعْفُ عَنَّا (අපගෙන් නොසලකා හරිනු මැනව!) අපගේ පාපයන් නොසලකා හැර අපගෙන් ඒවා ඉවත් කරනු මැනව. وَاغْفِرْ لَنَا (තවද අපට සමාව දෙනු මැනව!) අපගේ පාපයන්ට සමාව දී ඒවා අපෙන් වසන් කරනු මැනව. ඒ ගැන නොතකනු මැනව. وَارْحَمْنَا (අපට කරුණා කරනු මැනව!) ඔබේ අතිමහත් දයාවෙන් أَنْتَ مَوْلَانَا (ඔබ අපගේ භාරකරුය) අපේ ප්‍රධානියාය. فَانْصُرْنَا (අපට උදව් කරනු මැනව!) සාධක හා ජය තහවුරු කරමින් අපට උපකාර කරනු මැනව عَلَى الْقَوْمِ الكَافِرِينَ (දේව ප්‍රතික්ෂේපිත පිරිසට එරෙහි ව) එය ඔවුන් සමග සටන් කිරීමේ දී හා ඔවුන් සමග අරගල කිරීමේ දී ඔවුනට එරෙහිව අපට උපකාර කරනු මැනව. එවිට ද අල්ලාහ් පිළිතුරු සපයමින් එසේය එය ද මම ඉටු කළෙමි යැයි පැවසීය.