ආගමික දැනුම ඉවත් වීම අවසන් හෝරාව ක්‍රියාත්මක වීමේ කාලය සමීප වී ඇති බව සහතික කරන සළකුණු අතරින් එකකි. එය විද්වතුන් මිය යාමෙන් සිදුවන්නකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෝඩකම අධික වී එය ව්‍යාප්ත වෙයි. කාම අපචාරය හා දුරාචාරය පැතිරෙයි. මත් පානය වැඩිවෙයි. පිරිමින්ගේ සංඛ්‍යාව අඩු වී කාන්තා සංඛ්‍යාව වැඩිවෙයි. එය ඔවුන්ගේ කටයුතු භාර ගන්නා, ඔවුන්ගේ යහපත ක්‍රියාත්මක කරන එක් පිරිමියකුට කාන්තාවන් පනස් දෙනෙකු වන තරමට වැඩිවනු ඇත.