මුඃමින්වරයා මිනීවල තුළ ප්‍රශ්න කරනු ලබනු ඇත. එහි ඔහුගෙන් විමසා සිටිනුයේ හදීස් ගණනාවකම නම් කර ඇති පරිදි ඒ සඳහා භාරකරන ලද මලක්වරුන් දෙදෙනා වන මුන්කර් හා නකීර් විසිනි. එවිට අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් ඔහු සාක්ෂි දරනු ඇත. අල්ලාහ් පවසා ඇති පරිදි මෙය ස්ථාවර වදනක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රකාශ කළහ. “විශ්වාස කළවුන් ස්ථාවර ප්‍රාකාශය තුළින් මෙලොව ජීවිතයේ මෙන්ම මතුලොවෙහි ද අල්ලාහ් තිරසාර කරනු ඇත.” (සූරා ඉබ්‍රාහිම් : 27)