නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මිනීවළවල් දෙකක් අසළින් ගමන් ගත්හ. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: සැබැවින්ම මෙම මිනීවලවල් දෙක තුළ සිටින දෙදෙනා වේදනා කරනු ලබති. මොවුන් දෙදෙනා වේදනා කරනු ලබනුයේ ඔබ සිතන පරිදි මහා පාපයක් නිසාවෙන් නොවේ. නමුත් එය අල්ලාහ් ඉදිරියේ මහත් පාපයක් වේ. මොවුන් දෙදෙනාගෙන් එක් අයකු ශාරීරික අවශ්‍යතා නිමා කළ පසු තම ශරීරයේ හා තම වස්ත්‍රයේ මූත්‍රා තැවරීම ගැන සැලකිලිමත් නොවූ තැනැත්තකි. අනෙක් තැනැත්තා මිනිසුන් අතර කේළාම් කියමින් සැරිසරන තැනැත්තාය. එනම් ජනයා අතර ගැටලු ඇති කිරීම, වැරදි අදහස් පතුරුවාලීම, හා හිංසා පීඩා ඇති කිරීමේ අරමුණින් වෙනත් අයකු පිළිබඳ තොරතුරු තවත් කෙනෙකු සමග කතා කිරීම වැනි දෑ කළ පුද්ගලයාය.