මෙම හදීසයේ විහිළුවට හා ජනයා සිනහ ගැන්වීම සඳහා බොරු කියමින් එහි ගිලී සිටින්නාට විනාශයේ අවවාදයක් හා බොරු තෙපළීමේ දැඩි අවවාදයක් සඳහන්ව ඇත. එය ඉතා අශීලාචාර මෙන්ම දැඩි ලෙස තහනමට ලක් වූ ක්රියාවකි. මෙම නපුරු ගුණාංගයෙන් දේව විශ්වාසවන්තයකු පිරිසිදු වී ඈත්ව සිටිය යුතුය. ෂරීආව අනුමත කළ අවස්ථාවක හැර සෙසු සෑම අවස්ථාවකම බොරු පැවසීමෙන් තම දිව පිරිසිදුව තබා ගත යුතුය. විහිළුවට බොරු පැවසීම තහනම් වනවාක් මෙන්ම එය බොරුවක් යැයි දැනගෙන එයට සවන් දීම ද තහනම්ය. එය ප්රතික්ෂේප කිරීම ඔවුන්ගේ වගකීමය.