කතා කරන විට එය හොඳක් ද නරකක් ද යැයි සිතා නොබලා කකා කරන ඇතැම් ජනයා මිනිසුන් අතර සිටින බව සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා අප හට දන්වා ඇත. එහි ප්රතිඵලය වශයෙන් සිතා බලා කතා නොකරන හේතුවෙන් එසේ කතා කරන්නා තහනම් කරනු ලැබූ කටයුත්තක වැටෙනු ඇත. නිරා ගින්නෙහි අල්ලාහ්ගේ දඬුවමට ඔහුව ඉදිරිපත් කරනු ඇත. -අල්ලාහ් අප ආරක්ෂා කරත්වා!- ඇතැම් විට ඔහු නිරයේ ඈත ස්ථානයක වැටෙනු ඇත. එය නැගෙනහිර හා බටහිර අතර ඇති දුර ප්රමාණයට වඩා දුරස්ත වේ.