මළවුන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසී මුඃමින්වරයකුගේ තුලාවේ ක්‍රියාවන් හා ප්‍රකාශ අතරින් වඩාත් බරැති දෑ වනුයේ යහපත් ගුණදම් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියේය. එනම් සිනහ මුසු මුහුණ, හානි සිදුකිරීමෙන් ඉවත් වීම හා යහපත සිදු කිරීමය. ක්‍රියාවෙහි හා ප්‍රකාශයෙහි අශීලාචාරව කටයුතු කරන්නා කෙරෙහි හා ප්‍රකාශයෙහි අසභ්‍ය දෑ තෙපලන්නා කෙරෙහි උත්තරීතර අල්ලාහ් උරණ වේ.