සැබැවින්ම යහපත් ගුණාංග, අදාළ පුද්ගලයාව අඛණ්ඩව දහවල් කාලයේ උපවාසයේ නිරත වන රාත්‍රියේ නැගිට නැමදුම් ඉටු කරන තැනැත්තාගේ නිලයට ළඟා කරවනු ඇත. යහපත් ගුණාංගවල එකතුව වනාහි: දැහැමි ලෙස ආශ්‍රය කිරීම, යහපත් කතාව, ප්‍රසන්නවත් මුහුණ, නපුරුකම් වැළැක්වීම හා ජනයාගෙන් එය ඉවත් කිරීම යනාදියයි.