තම අණසක, තම විනිශ්චය හා තම භාරකාරත්වය යටතේ සිටින මිනිසුන් අතර යුක්තිය සහ සත්‍යය පදනම් කර ගෙන විනිශ්චය කරන්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ආලෝකයෙන් මවන ලද උස් සහ ඉහළ ආසන මත වාඩි වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටී. එම වේදිකා උත්තරීතර මහා කාරුණිකයාණන්ගේ දකුණු දෙසින් පිහිටා තිබේ. ඔහුගේ දෑත් දකුණු ය.