මිනිසා මෙලොවෙහි කවරෙකුට ප්රිය කළේද මතු ලොවෙහි ඔවුන් සමග වේ. රසූල්වරුන් හා දැහැමියන්ගේ ආදරයේ බලයත් ඔවුන්ගේ තරාතිරම් අනුව ඔවුන් පිළිපැදීමත් ඔවුන්ට එරෙහි වූවන්ට ආදරය දැක්වීමෙන් වැළකී සිටීමත් යනාදිය සම්බන්ධයෙන් වූ දිරිගැන්වීම මෙහි කෙරී ඇත. එහෙයින් සැබැවින්ම ආදරය යනු තමන් ප්රිය කරන්නන් සමග වූ සම්බන්ධතාවේ ශක්තිය ඔහුගේ ගතිගුණවලට ගැලපීම ඔහුව පිළිපැදීම යනාදිය පෙන්වා දෙන සාධකයකි. එහෙයින් එය එසේ ආදරය ඇතිවීම කෙරෙහි සාධකයකි. එහෙයින් ආත්මය ආදරය කිරීමේ වඩාත් වැදගත් වනුයේ අල්ලාහ් වෙත සමීප කරවන දෑ කෙරෙහි වූ ආදරයයි. හේතුව සැබැවින්ම අල්ලාහ්කෘතඥ පූර්වකය. සමීපවන්නාට ඔහු උපයන දැයින් ගුණ කර විශිෂ්ඨ දෑ පිරිනමනු ඇත. ආදරය කරන්නාගේ ආදරය, ආදරය කරනු ලබන්නාගේ නිලතල හා බලතලවලට සමානව පිහිටිය යුතු නොවේ. හේතුව එය දැහැමි ක්රියාවන් වෙනස්කම් හා උපයන ලාභයේ වෙනස්කම් අනුව වෙනස් වනු ඇත. එකට කටයුතු කිරීම යනු සමාජයේ යම් කරුණකදී එක්රැස්වීමෙන් සිදුවන්නකි. එය සියලු කටයුතුවලදී ඇති නොවන්නකි. නමුත් තරාතිරම්වල යම් වෙනස්කම් තිබුණද සියලු කටයුතුවලදී ඔවුන් එකඟ වන්නේ නම් ඔවුහු ස්වර්ගයට පිවිසෙනු ඇත. එය එකට කටයුතු කිරීම සනාථ කරයි. එහෙයින් කවුරුන් හෝ අල්ලාහ්ගේ දූතයාණන්ට හෝ දේව විශ්වාසවන්තයින් අතුරින් කෙනෙකුට ආදරය කරයි නම් ඔහුගේ දැහැමි චේතනාව අනුව ඔහු සමග ස්වර්ගයේ වෙසෙයි. එයයි මූලධර්මය වනුයේ. ක්රියාව පිහිටනුයේ එය අනුගමනය කිරීමෙනි. ඔවුන්ගේ තරාතිරම් අතරය ඔහුද ඔවුන් සමග සිටිය යුතුයි යන්න අනිවාර්යය නැත. එමෙන්ම සෑම අයුරකින්ම ඔවුන්ට ලැබෙන ප්රතිඵල මෙන් ඔවුන්ටද පිරිනමනු ලැබිය යුතුය යන්නත් අනිවාර්යය නැත.