දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ යහපත් ගුණාංග පිළිබඳ විමසන ලදී. එවිට ඇය මෙසේ පවසා සිටියාය. "එතුමාණන්ගේ ස්වභාවය තුළ එතුමා අසභ්‍ය අයකු හෝ එතුමාණන්ගේ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ අසභ්‍ය ලෙස හැසිරෙන අයකු හෝ නොවූ අතර අසභ්‍ය ක්‍රියාවන්හි නිරත නොවූහ. එමෙන්ම වෙළඳ වීදිවල තම හඬ උස් කර කෑ මොර ගසන්නෙකු නොවූහ. නපුරට නපුරින් ප්‍රතිචාර නොදක්වා යහපතින් ප්‍රතිචාර දක්වන්නෙකු වූහ. අභ්‍යන්තරයේ ඇති දෑට සමාව දුන්හ. මතුපිටින් ඇති දෑ නොතකා එය නොසළකා හරින්නෙකු වූහ."