අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ශක්තිමත් මිනිසා මල්ලව පොර ක්‍රීඩකයා නොව, සැබැවින්ම ශක්තිමත් මිනිසා යනු තමන් කෝපයට පත් වූ විට තමාව පාලනය කර ගන්නා තැනැත්තාය.” صحيح - متفق عليه
explain-icon

විවරණය

සැබැවින්ම සැබෑ ශක්තිය ශරීර ශක්තිය හෝ බලවත් දැවැන්ත අය සමග මල්ලවර පොර බැඳීම හෝ නොව, සැබෑ බලවත් ශක්තිය යනු ඔහුගේ ආත්මය කැප කිරීම හා ඔහුට කෝපය අත් වූ විට එය පාලනය කිරීමය. හේතුව, සැබැවින්ම එය තමන්ව පාලනය කිරීමේ හා ෂෙයිතාන්ව තමන් අභිබවා යෑමේ ශක්ති පෙන්වා දෙන්නක් වන බැවිනි.

explain-icon

හදීසයේ හරය

  • කෝපය ඇති වූ අවස්ථාවක සිත පාලනය කිරීමේ හා ඉවසීමේ මහිමය. සැබැවින්ම එය ඉස්ලාම් දිරිමත් කළ දැහැමි ක්‍රියාවන් අතරින් වේ.
  • කෝපය ඇති වූ විට තම සිත සමග අරගල කිරීම සතුරාට එරෙහිව සටන් කිරීමට වඩා බලවත් ය.
  • අඥාන කාලයේ බලය යැයි වටහා ගෙන සිටි දෑ වෙනුවට, ගෞරවනීය ගුණාංගයක් බවට ඉස්ලාම් එය වෙනස් කළේය. එහෙයින් මිනිසුන් අතර වඩාත්ම ශක්තිමත් තැනැත්තා වනුයේ තම සිත පාලනය කරන්නාය.
  • කෝපයෙන් දුරස්වීම: මන්ද, පුද්ගල මෙන්ම පොදු ජනාතවට ඒ හේතුවෙන් හානි ඇති වේ.