නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සහගාමීන් අතර නැගිට දේශනාවක් කළේය. එතුමාණන් කළ ප්‍රකාශය අතර මෙසේ සඳහන් වී තිබිණ: මිනිසුන් නිහතමානීව ඔවුන් අතර කටයුතු කරන මෙන් අල්ලාහ් තමන්ට දිව්‍ය පණිවිඩ එවා ඇත. එය තම පියාපත් අන් මිනිසුන්ට පහත් කර මෘදු ලෙස ඔවුන් සමග කටයුතු කරන මෙනි. එවිට කිසිවෙකු තම පරම්පරාව, ධනය හෝ වෙනත් ඕනෑම දෙයකින් අන් අයට වඩා ශ්‍රේෂ්ඨත්වය, ආඩම්බරය හෝ ගෞරවය ප්‍රකාශ කරමින් පුරසාරම් දොඩන්නේ නැති අතර කිසිවෙකු වෙනත් කිසිවෙකුට විරුද්ධව වැරදි හෝ උල්ලංඝනය නො කරනු ඇත.