සැබැවින්ම සෙසු අයට කරුණාව දක්වන්නන් හට, ඊට සරිලන ප්‍රතිඵලයක් ලෙස සියලු දෑ කෙරෙහි ව්‍යාප්තව ඇති තම කරුණාව තුළින් මහා කාරුණිකයාණන් ඔවුනට කරුණාව දක්වනු ඇත. පසුව මහපොළොවේ වෙසෙන මිනිසුන් සතුන් පක්ෂීන් මෙන්ම සෙසු සියලු මැවීම් වර්ගයාට කරුණාව දක්වන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. ඒ සඳහා වන ප්‍රතිඵලය වනුයේ, අහස් හතට ඉහළින් සිට අල්ලාහ් ඔබට කරුණාව දැක්වීමය.