කවරෙකු හෝ තමන්ට තහවුරු කිරීමට සාක්ෂි තිබියදී තර්ක කිරීම අතහැර දමන්නේ ද ඔහුට ස්වර්ගය අවට ඉන් පිටත හෝ එහි කෙළවරවල්වල හෝ නිවසක් හිමි කර දීමට මම භාර වෙමි. සැබැවින්ම එය කාලය නාස්ති කරන මෙන්ම ක්රෝධය ඇති කිරීමට හේතුවක් වන්නේය. විහිළුවට වුව ද සිදු වූ දෑට පටහැනිව යම් පුවතක් දන්වා සිටීම බොරු කීම අතහැර දමන්නා හට ස්වර්ගය මධ්යයේ නිවසක් හිමි කර දීමට මම භාර වෙමි. එමෙන්ම තමන්ගේ ගති ගුණ හැඩ ගස්වා එයට ස්වයං පුහුණුව ලබා දීමෙන් හෝ එය යහපත් කර ගන්නේ ද ඔහුට ස්වර්ගයට ඉහළින් නිවසක් හිමි කර දීමේ භාරකාරත්වය දරමි. යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියේය.