නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “කවරෙකු තම සහෝදරයාගේ මාන්‍ය කෙළසීමෙන් වළක්වන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් (නිරා) ගින්න ඔහුගේ මුහුණින් වළක්වනු ඇත.” صحيح - رواه الترمذي وأحمد
explain-icon

විවරණය

කවරෙකු තම සහෝදරයා නැති තැන ඔහුට අපහාස කිරීමෙන් හෝ නපුරක් කිරීමෙන් වැළකී, ඔහුගේ මාන්‍යය කෙළෙසීමෙන් ඔහු ආරක්ෂා කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගෙන් දඬුවම ඉවත් කරනු ඇත.

explain-icon

හදීසයේ හරය

  • මුස්ලිම්වරුන්ගේ මාන්‍යය කෙළෙසන කරුණු සම්බන්ධයෙන් කතා කිරීමෙන් වැළකී සිටීම.
  • ප්‍රතිඵල අදාළ ක්‍රියාවෙන්ම පිහිටනු ඇත. කවරෙකු තම සහෝදරයාගේ මාන්‍යය කෙළෙසීමෙන් වළක්වන්නේ ද අල්ලාහ් ඔහුගෙන් අපා ගින්න වළක්වනු ඇත.
  • ඉස්ලාම් යනු එහි ජනතාව අතර සහෝදරත්වයේ සහ සහයෝගයේ ආගමකි.
explain-icon

අමතර