මිනිසුන් අතරින් වඩාත් ශ්රේෂ්ඨයා කවුරුන්දැ?යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසන ලදී. එවිට එතුමා අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය හා තම ජීවිතය කැපකරමින් කටයුතු කරන මිනිසා යැයි පැහැදිලි කර සිටියේය. පසුව කවරෙකු දැ?යි විමසන ලදී. එතුමා අල්ලාහ්ට නැමදුම් කරන ජනයාගෙන් හානිය වළක්වාලන පුද්ගලයා යැයි පැවසූහ. එනම් ඔහුගෙන් කිසිදු හානියක් ජනයාට අත්වීම ඔහු ප්රිය කරන්නේ නැත.