අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “දරුවන් තිදෙනෙකු සතු මුස්ලිම්වරුන් අතුරින් කෙනෙකු මිය ගියේ නම් නිරා ගින්න ඔහුව ස්පර්ශ නොකරනු ඇත. එම පංගුව (ඔහුට) අනුමත කර දීමෙන් මිස.“ පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

පිරිමි දරුවන් තිදෙනෙකු හෝ ගැහැණු දරුවන් තිදෙනෙකු හෝ ගැහැණු හා පිරිමි දෙපාර්ශවයේම දරුවන් තිදෙනෙකු හෝ තමන්ට වී කවරෙකු මිය ගියේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ ශරීරය නිරයට තහනම් කරනු ඇත. එය ඔහු ඉවසීමෙන් කුසල් බලාපොරොත්තුවෙන් සිට අල්ලාහ්ගේ තීන්දුව හා ඔහුගේ ඉරණම පිළිගැනීමේ කොන්දේසිය මතය. අල්ලාහ් ඔහුගේ කොටස එහි පිරිනමනු ඇත. එය සූරා මර්යම් හි 71 වැනි පාඨයේ සඳහන් පරිදි අල්ලාහ්ගේ ප්රකාශයයි. එනම්, “තවද නුඹලා අතුරින් එහි නොපැමිණෙන කිසිවකු නැත. එය නුඹගේ පරමාධිපති වෙත නියම වූ තීන්දුවක් විය.

explain-icon

අමතර