මහිමයන් සාරධර්ම හා යහපත් ගුණාංග පරිපූර්ණ කිරීම සඳහා සැබැවින්ම සර්වබලධාරී අල්ලාහ් තමන්ව එවා ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඒ අනුව එතුමාණන් පෙර සිටි දූතවරුන් අතර තිබූ දෑ පරිපූර්ණ කිරීමක් ලෙසත් අරාබිවරුන්ගේ යහපත් සදාචාරයේ හීන පූරණයක් ලෙසත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව එවනු ලැබ ඇත. ඔවුහු යහපත් දේට ප්‍රිය කළ අතර අයහපත් දෑට වෛර කළෝය. පෞරුෂත්වය ඇති, ත්‍යාගශීලී සහ ධෛර්ය සම්පන්න පුද්ගලයින් වූහ. නමුත් ඔවුන්ගේ සදාචාරයන් තුළ තිබූ පරම්පරාවන් පිළිබඳ තිබූ අහංකාරකම, උඬඟුකම, දිළින්දන් හා වෙනත් අය අවතක්සේරු කිරීම වැනි අඩුපාඩු පූර්ණවත් කරනු පිණිස එතුමාණන්ව එවන ලදී.