යහකම හා පාපය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ මෙසේ පැවසුහ. යහපත් කරුණු අතරින් ඉතා ඉහළම කරුණ වනුයේ භක්තියෙන් යුතුව අල්ලාහ් සමග කටයුතු කිරීම හා මැවීම් සමග හිංසාවෙන් තොරව, කෝපය පාලනය කරමින්, සිනා මුසු මුහුණින්, යහපත් කතාවෙන්, ඥාතී සම්බන්ධකම් රකිමින්, කීකරුවෙමින්, මෛත්‍රියෙන්, යහපත සලසමින්, පවුල හා මිත්‍රයින් සමග සුහද ශීලීව ඇසුරු කරමින් කටයුතු කිරීම වේ. පාපය යනු, යම් චෙයක් සිදු කිරීමේ දී ඒ ගැන සිත තුළ ඇතිවන කුකුසයි. ඒ දේ කිරීමට හදවත විවෘත නොවේ. එමගින් සිත තුළ සැකය හට ගැනේ. පාපයක් වනු ඇතැයි බිය වේ. වෙනත් අයගේ නෙත්වලට එය අප්‍රසන්න දෙයක් වනු ඇතැයි හා මිනිසුන්ට ප්‍රදර්ශණය වනු ඇතැයි බියෙන් එය හෙළි කිරීමට නො සිතයි. ඊට හේතුව ස්වභාවයෙන්ම මිනිසා යහපත දෙස බැලීම ප්‍රිය කරන බැවිනි. ඇතැම් ක්‍රියාවන් දෙස බැලීම ඔබ පිළිකුල් කරන්නෙහි නම්, ඇත්තෙන්ම එය එහි කිසිදු යහපතක් නැති පාපයකි.