නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසා අබූ බක්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “මුස්ලිම්වරුන් දෙදෙනෙකු තම අසිපත්වලින් එකිනෙකා මුණ ගැසුණු විටෙක, ඝාතකයා සහ ඝාතනය කරනු ලැබූ තැනැත්තා යන දෙදෙනාම අපා ගින්නේ වෙති.” මම: ‘අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එය ඝාතකයා සම්බන්ධයෙනි. නමුත් ඝාතනය කරනු ලැබූ තැනැත්තාගේ තත්ත්වය කුමක් ද?’ යැයි විමසා සිටියෙමි. එතුමා: “සැබැවින් ඔහු ද තම සගයා ඝාතනය කිරීමේ අපේක්ෂාවෙන් පසු විය.” صحيح - متفق عليه
explain-icon

විවරණය

මුස්ලිම්වරුන් දෙදෙනෙකු ඔවුන් සෑම කෙනෙකුම අනෙකාව විනාශ කිරීමේ අදිටනින් තම අසිපත්වලින් එකිනෙකා මුණ ගැසුණු විටෙක, ඝාතකයා තම සගයාව ඝාතනය කළ හේතුවෙන් අපා ගින්නට පිවිසෙන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියේය. නමුත් ඝාතනයට ලක් වූ තැනැත්තා අපා ගින්නේ සිටිනුයේ කෙසේ දැයි සහාබාවරුන්ට ගැටලුවක් විය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහු ද තම සගයා ඝාතනය කිරීමේ අදිටනින් සිටියේය. එමෙන්ම ඝාතකයා ඉක්මන් වී ඔහුට කළින් ක්‍රියා කළ බැවින් මිස එසේ ඝාතනය කිරීමෙන් ඔහු වැළකුණේ නැත. එහෙයින් ඔහු ද අපා ගින්නෙහි වනු ඇතැයි පවසා සිටියහ.

explain-icon

හදීසයේ හරය

  • තම සිතින් පව් කිරීමට අධිෂ්ඨාන කරගෙන එයට හේතු වූ අයට දඬුවම් ලැබීමේ අයිතිය.
  • දෙවියන්ට අවනත වන මුස්ලිම්වරුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ දැඩි අවවාදය හා ඔහුට අපා ගින්න හිමි වන බව පවසා අනතුරු ඇඟවීම.
  • නිත්‍යානුකූල සාධාරණ හේතුවක් මත මුස්ලිම්වරුන් අතර ඝාතනයක් සිදු වූයේ නම්, එය එම අවවාදය තුළට ඇතුළත් වන්නේ නැත. උදාහරණයක් ලෙස සීමාව ඉක්මවා ගිය අපරාධකරුවන් හා දුෂ්ඨයින්ට මරණ දඬුවම පැනවීම පෙන්වා දිය හැක.
  • මහා පාපයක් සිදු කරන්නා එය කළ වහාම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු වන්නේ නැත. මක්නිසාද යත්, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙහි සටන් කරුවන් මුස්ලිම්වරුන් ලෙස නම් කර ඇති බැවිනි.
  • මුස්ලිම්වරුන් දෙදෙනෙකු කවර හෝ මාධ්‍යයකින් එකිනෙකා මුණ ගැසී ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් අනෙකා ඝාතනය කළේ නම්, ඝාතකයා හා ඝාතනය කරනු ලැබූ තැනැත්තා යන දෙදෙනාම අපා ගින්නේ වෙති. මෙම හදීසයේ අසිපත් යැයි සඳහන් කර ඇත්තේ උදාහණයක් ලෙස පමණය.
explain-icon

අමතර