අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "මිනිසුන් අධික ලෙස ස්වර්ගයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විමසන ලදී. එවිට එතුමාණෝ: “අල්ලාහ් පිළිබඳ බිය හැඟීමෙන් යුතුව කටයුතු කිරීම හා යහපත් ගතිගුණ වේ” යැයි පැවසූහ. තවදුරටත්, මිනිසුන් අධික ලෙස නිරයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි එතුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ: “කට හා ලිංගේන්ද්‍රි ය” යැයි පැවසූහ. حسن صحيح - رواه الترمذي وابن ماجه وأحمد
explain-icon

විවරණය

ස්වර්ගයට ඇතුළත් කරන අති වැදගත් සාධක දෙකක් මෙහි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. ඒා නම්: අල්ලාහ් පිළිබඳ භක්තිය හා යහපක් සදාචාරය. අල්ලාහ් කෙරෙහි භක්තිය: එනම් ඔබ අතර හා අල්ලාහ්ගේ දඬුවම අතර ඔබ සලසා ගන්නා ආරක්ෂාවයි. එය ඔහුගේ නියෝග පිළිපැදීමෙන් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීමෙන් සිදු වන්නේය. යහපත් සදාචාරය: එය සිනහමුසු මුහුණින්, යහපත සිදු කිරීමෙන් හා හානිය වැළැක්වීමෙන් සිදු වන්නේය. අපා ගින්නට පිවිසීමට හේතුවන බරපතල සාධක දෙක වනුයේ: දිව හා ලිංගේන්ද්‍රියයි. දිවෙන් සිදුවන පාපකම් වනුයේ: බොරුකීම, කෙළ්ම කීම, දොස් නැගීම වැනි දෑය. ලිංගෙන්ද්‍රියෙන් සිදුවන පාපකම් වනුයේ: කාම අපචාරය, සම ලිංගික සේවනය හා එවැනි වෙනත් දෑ.

explain-icon

හදීසයේ හරය

  • ස්වර්ගටය පිවිසීම සඳහා උත්තරීතර අල්ලාහ් සමඟ බැඳෙන හේතු සාධක ඇත. ඒ අතරින් භක්තිය හා ශ්‍රද්ධාව එකකි. එමෙන්ම මිනිසුන් සමග බැඳෙන හේතු සාධක ද ඇත. ඒ අතරින් යහපත් සදාචාරය ද එකකි.
  • දිව, එහි හිමිකරුට එමගින් බලපාන අනතුර. සැබැවින්ම එය අපා ගින්නට පිවිසීමේ හේතු සාධකයක් වනු ඇත.
  • ආශාවන් හා අශීලාචාර දැයින් මිනිසාට ඇති අනතුර. සැබැවින්ම ඒවා අපා ගින්නට පිවිසීමට අධික ලෙස බලපාන සාධක වෙති.