සැබැවින්ම මෙලොවෙහි තමන්ට වඩාත් ප්‍රියමනාප, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සභිකයින් වශයෙන් තමන්ට වඩාත් සමීප අය වන්නේ නුඹලා අතරින් වඩාත් සාරධර්ම ඇත්තවුන් බවත් එමෙන්ම සැබැවින්ම තමන්ට වඩාත් කෝපය ගෙන දෙන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සභිකයින් වශයෙන් තමන්ට වඩාත් දුරස් අය වන්නේ "අස්සර්සාරූන්" (අධික ලෙස කතා කරන්නන්) සත්‍යයෙන් හා කරුණාවෙන් බැහැරව අධික ලෙස කතා කරන්නන්, "අල් මුතෂද්දිකූන්" (දීර්ග ලෙස කතා කරන්නන්) පූර්වාරක්ෂාවකින් හෝ ප්‍රවේශම් නොවී පුළුල් ලෙස, දිගු ලෙස වාචාලව කතා කරන්නන් සහ "අල් මුතෆයිහිකූන් වෙති යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එවිට ඔවුහු: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපි "අස් සාර්සාරූන්" හා "මුතෂද්දිකූන්" කවුරුන්දැයි හඳුනමු. නමුත් "මුතෆයිහිකූන්" කවුරුන් දැයි විමසා සිටියෝය. එතුමාණෝ: ‘තම මුඛවල් විවෘත කරමින්, දිගු ලෙස කතා කරමින්, මිනිසුන්ට අපහාස කරමින්, උඩඟුවෙන් කටයුතු කරන්නෝ වෙති" යැයි පැවසූහ.