මිනිසුන් තමාට කළ යහපත හා කරුණාව වෙනුවෙන් ස්තූති නොකරන තැනැත්තා සාමාන්‍යයෙන් අල්ලාහ්ට ද ස්තූති නොකරන බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. මක්නිසාද යත්, ඒ කාරණා දෙක එකිනෙකට සම්බන්ධ වී ඇති බැවිනි. මන්ද, මිනිසුන්ගේ ආශිර් වාදවලට කෘතඥ නොවන සහ ඔවුන්ට ස්තූති නොකරන ස්වභාවයක් සහ පුරුද්දක් ඇති තැනැත්තා අල්ලාහ්ගේ ආශිර් වාදවලට කෘතඥ නොවන අතර ඒවා වෙනුවෙන් ඔහුට ස්තූති කිරීමට අපොහොසත් වීමේ පුරුද්දක් ද ඇති කර ගනී.