මුඃමින්වරුන්ගේ මාතාවක වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඇත්තෙන්ම ගැහැණු දරුවන් දෙදෙනෙකු සමග කාන්තාවක් ඇය වෙත පැමිණ කෑමට යමක් තමන්ට දෙන ලෙස ඉල්ලා සිටියාය. එක් රට ඉඳි ගෙඩියක් හැර වෙනත් කිසිවක් ආඉෂා (රළියල්ලාහු අන්හා) සතුව තිබුණේ නැත. ඇය එය ඇයට දුන්නාය. එම කාන්තාව ඉන් කිසිවක් අනුභව නොකර එම රට ඉඳි ගෙඩිය එම දරුවන් දෙදෙනා අතර බෙදා දුන්නාය. පසුව නැගිට පිටව ගියා ය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අතුළට පැමිණි අතර ආඉෂා තුමිය එතුමාණන් සමග මේ ගැන පවසා සිටියා ය. එවිට එතුමාණෝ මෙසේ පැවසුහ: "කවරෙකු මෙම ගැහැණු දරුවන්ගේ යම් කටයුත්තක් භාරගෙන, ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කර, ඔවුන් හදාවඩා ගෙන, ඔවුනට ආහාර පාන හා ඇඳුම් පැළඳුම් සපයා, ඒ කටයුතු සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කරන්නේ ද ඔවුන් ඔහුට අපා ගින්නෙන් වූ ආවරණයක් බවට පත් වනු ඇත."