අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ප්රකාශ කළ බව අබූ උමාමා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “දානයෙන් උතුම් වනුයේ අල්ලාහ්ගේ මාර්ගයේ, නවාතැනක සෙවණ සැලසීම, අල්ලාහ්ගේ මාර්ගයේ සේවය කරන්නා සඳහා පිරිනමන ප්රදානය හා අල්ලාහ්ගේ මාර්ගයේ ශක්තිමත් ඔටුවකු බිහි කළ හැකි ඔටු දෙනක් පිරිනැමීම.“ හසන් ගණයට අයත් හදීසයකි - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

හදීසයේ තේරුම: මිනිසෙකු කරන සදකා අතුරින් වඩාත් උතුම් වනුයේ මෙම කරුණු තුනය. එනම් නවාතැන් සැලසීම, සේවකයාට කරන ප්රදානය හා ශක්තිමත් ඔටුවකු බිහි කළ හැකි ඔටු දෙනක් පරිත්යාග කිරීම වේ. මෙය අල්ලාහ්ගේ මාර්ගයේ අරගලයක යෙදී සිටීන මුජාහිද්වරයකුට පිරිනැමුව ද ඔවුන් හැර අවශ්යතා අැත්තන් හට පිරිනැමුවද එක සමානය. හේතුව නියත වශයෙන්ම එය අල්ලාහ්ගේ මාර්ගයෙන් වූවක් බැවිනි. එවකට ජනයාට අවශ්ය වී තිබුණු වැදගත්ම කරුණු මේවා වී තිබිය හැක. එහෙයින් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මේ සම්බන්ධයෙන් ඔවුන් දිරිගන්වා ඇත. නමුත් දැන් මිනිසාගේ අවශ්යතා විවිධය. මේවායෙහි අඩුවක් තිබුණ ද විවිධ ප්රදේශවල මේවා දැක ගන්නට පුළුවන. නීතිය බහුත්වයට මුල් තැන දීමය. මෙම හදීසය ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමියගේ හදීසයට සමානය. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ප්රකාශ කළ බව ඇය මෙසේ දන්වා සිටින්නීය: අහෝ ආඉෂා! රට ඉඳි නැති නිවස එහි වැසියන් කුසගින්නෙන් පෙළෙන්නන් වෙති. මෙය ඉමාම් මුස්ලිම් විසින් දන්වා ඇත. ෂෙයික් ඉබ්නු බාස් තුමා: සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ කාලයේ විසූ මදීනා වැසියන් හා ඔවුනට සම කාලීන වූ ජනයා තම ප්රධාන ආහාරය රට ඉඳි කරගත් උදවිය මෙන් කවරෙකුගේ ප්රධාන ආහාරය රට ඉඳි වන්නේ ද එවැන්නන් සම්බන්ධ වූවක් යැයි විද්වතුන් මත දරති.

explain-icon

අමතර