හිරු උදාවන සෑම දිනකම එහි මලක්වරුන් දෙදෙනෙකු පහළ නොවන දිනයක් නොමැත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් මෙසේ පවසයි: අහෝ දෙවිඳුනි! ඔබට අවනත වන කටයුතු වලදී ද, තම පවුලට, ආගන්තුකයන්ට අමතර කටයුතු සඳහා ද වියදම් කරන්නාට පසුවටත් ලබා දෙනු මැනව! ඔහු වියදම් කළ දෑ යහපතක් බවට පෙරළා දෙනු මැනව! එහි සමෘද්ධිය ඇති කරනු මැනව! යැයි පවසයි. අනෙක් තැනැත්තා: අහෝ දෙවිඳුනි! රැස් කරන්නාට විනාශය ඇති කරනු මැනව! ඔහුගේ වගකීම් ඉටු නොකර හිඳ, එය ලැබිය යුතු අයගෙන් වලක්වාගත් ඔහුගේ ධනය විනාශ කරනු මැනව යැයි පවසයි.