"දේවත්වය විශ්වාස කරන සෑම මුඃමින්වරයකුම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඉදිරියේ තනි ව සිටගනු ඇත. සැබැවින්ම උත්තරීතරයාණන් වන අල්ලාහ් ඔහු සමග කිසිදු මාධ්‍යයකින් තොරව කිසිදු පරිවර්තකයකුගෙන් තොරව ඍජුව කතා කරනු ඇත. එවිට ඔහු දැඩි බියෙන් දකුණු දෙසට හා වම් දෙසට හැරෙයි. එය තමන් ඉදිරියේ ඇති අපා ගින්නෙන් මිදී ගැලවී යන්නට මගක් සොයන්නාක් මෙන් පවතී" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. ඔහුගේ දකුණු දෙසට හැරෙන විට ඔහු කලින් සිදු කළ දැහැමි ක්‍රියවන් හැර වෙනත් කිසිවක් එහි ඔහු නොදකී. එමෙන්ම ඔහු වම් දෙසට හැරෙන විට ඔහු කලින් කළ දුෂ්ට ක්‍රියාවන් හැර වෙනත් කිසිවක් ඔහු එහි දකින්නේ නැත. ඔහු ඉදිරියේ බලන විට, අපා ගින්න හැර වෙනත් කිසිවක් ඔහුට දකින්නට ලැබෙන්නේ නැත. ඉන් මිදීමට ඔහුට නොහැකි වනු ඇත. එවිට ඔහු සිරාත් නම් පාලම මත ගමන් කළ යුතු වේ. පසුව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළහ. "ඔබ අතර හා අපා ගින්න අතර ඉඳි ගෙඩි කීතුවක් වැනි කුඩා ප්‍රමාණයක් හෝ දන් දීමෙන් හා ධර්මිෂ්ට ක්‍රියා සිදු කිරීමෙන් ආරක්ෂාවක් තබා ගනු."