ඇතැම් සහාබාවරු: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපි අපගේ පරමාධිපතිව දකින්නෙමු ද? යැයි විමසුවෝය. එවිට එතුමාණන් ඔවුනට: ‘වළාකුළ තුළ මුවා නොවූ එළිමහනේ හිරු දැකීම නුඹලාට අපහසු වන්නේද?” එනම් හිරු නුඹලාට දසුන් නොවන පරිදි එය ආවරණය කරන වළාකුළු නොමැති මුළු ලොවටම ආලෝකය විහිදු වන මධ්යහ්නේ ඉහළින් පිහිටන වේලාවේ හිරු දැකීම හේතුවෙන් ඔබ එකිනෙකා අතර ගැටලුවක් හෝ අපහසුතාවක් හෝ තදබදයක් හෝ නුඹලාට හට ගන්නේ ද? යැයි විමසුවෝය. එවිට ඔවුහු: “නැත” යැයි පිළිතුරු දුන්නෝය. නැවතත් එතුමා: “වළාකුළ තුළ මුවා නොවූ පුර පසලොස්වක රාත්රියේ සඳු දැකීම නුඹලාට අපහසු වන්නේ ද?” එනම් නුඹලාට එය දසුන් නොවන පරිදි ආවරණය කරන වළාකුළු නොමැති අහසේ, පැහැදිලි පුර පසළොස්වක දින සඳ දැකීම හේතුවෙන් ඔබ එකිනෙකා අතර ගැටලුවක් හෝ අපහසුතාවක් හෝ තදබදයක් හෝ නුඹලාට හට ගන්නේ ද? යන්නයි. එවිට ඔවුහු: නැත යැයි පිළිතුරු දුන්නෝය. තවද ඔහු: මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලා ඒ දෙකින් එකක් දැකීමෙහි නුඹලා අපහසුතාවට පත් නොවනවාක් මෙන්ම නුඹලාගේ පරමාධිපතිව දැකීමෙහි ද නුඹලා අපහසුතාවට පත් නොවනු ඇත.” එනම් ඔහුගේ දසුන ඉතා පැහැදිළි දසුනකි. එකිනෙකා ඒ විෂයයෙහි විරුද්ධ වී බොරු කරන තරමට කුහකභාවය හෝ අපවාදය හෝ එහි නොවනු ඇත. එය හිරු හා සඳ දසුන් වීමෙහි කිසිදු සැකයක් හෝ කිසිදු ගැටලුවක් ඇති නොවන්නාක් මෙනි. සැබැවින්ම මෙහි උපමාව එය දසුන්වීම යන ක්රියාව තුළ පිහිටා ඇත. එය එහි කීර්තිය හා විද්යාමානය අනුව එහි හෝ ඒ හැර වෙනත් දෑහි සැකයක් ඇති නොවන පරිදි වේ. සැබැවින්ම සුවිශුද්ධයාණන් සියලු මැවීම්වලට සමාන වීමෙන් පිවිතුරුය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අවසන් දිනයේ දර්ශණයක් පිළිබඳ දන්වා සිටියේය. එය සැබැවින්ම පරමාධිපතියාණන් ඔහුගේ ගැත්තන් අතරින් එක් ගැත්තෙකු හමුවීමය. ඔහුගේ ආශිර්වාදයන් ගැන ඔහුව පිළිගන්නට සළස්වමින් ඔහුට මෙසේ පවසයි: අහෝ පුද්ගලය! මම නුඹව උසස් නොකළෙම් ද? නුඹේ ප්රජාව තුළ නුඹව නායකයකු බවට පත් නොකළෙම්ද? නුඹේ වර්ගයාගෙන්ම නුඹට සහකාරියක් ඇති නොකළෙම්ද? ඇයගෙන් සුවපහසුකම් ඔබට සළසා දුනිමි. නුඹ අතර හා ඇය අතර ආදරය, කරුණාව, ලෙන්ගතුකම හා සෙනෙහස ඇති කළෙමි. එමෙන්ම මම නුඹට අශ්වයින් හා ඔටුවන් වසඟ කර නොදුන්නෙම් ද? නුඹේ ප්රජාවට නායකයකු බවට මම නුඹව පත් නොකළෙම්ද? සතුරන් විසින් දමා ගිය වස්තුව නුඹ නොගන්නෙහිය. අඥාන යුගයේ රජවරු එය ඔවුන් වෙනුවෙන් පමණක් වෙන් කර ගනිමින් සිටියෝය. පසුව මෙම සියලුම ආශිර්වාදයන් එම ගැත්තා පිළිගනීයි. පසුව පරමාධිපති මෙසේ විමසයි: ‘නුඹ මා මතු මුණ ගැසෙන බව නුඹ දැන සිටියාද? ඔහු ‘නැත’ යැයි පවසයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: “එසේ නම් නුඹ මා අමතක කළාක් මෙන්ම මම ද නුඹව අමතක කරමි.” යැයි පවසයි. එනම්: මෙලොවෙහි මට අවනත වීම නුඹ අත්හැරියාක් මෙන්ම අද දින මාගේ කරුණාවෙන් ද මම නුඹව අත්හරිමි. මෙහි අමතක කිරීම යනු දැනීමෙන් අත්හැර දැමීමය. උත්තරීතර අල්ලාහ් ද මෙසේ පවසයි. “සැබැවින්ම අපි නුඹලාව අමතක කරන්නෙමු. එහෙයින් නුඹලා සදාතනික දඬුවම විඳවනු.” පසුව පරමාධිපතියාණන් දෙවැන්නා මුණ ගැසෙයි. පළමු තැනැත්තා විෂයෙහි අල්ලාහ් ඔහුගෙන් විමසා, ඔහු ද පිළිතුරු දුන් කරුණ සඳහන් කරනු ලැබුවාක් මෙන්ම ඔහු විෂයයෙහි ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙනෙහි කළේය. පසුව තුන්වැන්නා මුණ ගැසී ඒ අයුරින්ම ඔහුගෙන් විමසයි. එවිට ඔහු: “මාගේ පරමාධිපතියාණනි! මම ඔබව විශ්වාස කළෙමි. එමෙන්ම ඔබේ ධර්ම ග්රන්ථය, ඔබේ දූතවරුන් විශ්වාස කළෙමි. මම සලාතය ඉටු කළෙමි. උපවාසය රැක්කෙමි. දානමාන කටයුතු සිදු කළෙමි.” යැයි පවසයි. එසේ ඔහුට හැකි පමණින් ඔහු ගැන අගය කරමින් සිටියි. පසුව පරමාධිපතියාණන් “එසේ නම් ඔබ මෙහි.” එනම් නුඹ ගැන වූ ප්රශංසාවන් නුඹ අගය කරමින් සිටින විට නුඹව හා නුඹගේ ක්රියාවන් අප දකින පරිදි ඒවාට එරෙහිව සාක්ෂිකරුවන් ඉදිරිපත් කරනු ලබන පරිදි නුඹ මෙහි නතර වී ඇත්තේ ඇයි? පසුව ඔහුට මෙසේ පවසනු ලැබේ. “නුඹට එරෙහිව අපි සාක්ෂි කරුවන් ගෙන එන්නේ දැන් ය.” “මට එරෙහිව සාක්ෂි දරන්නා කවුරුන්දැ?”යි ඔහු තුළම ඔහු සිතන්නට ගනී. එවිට ඔහුගේ කටට මුද්රා තබනු ලබයි. ඔහුගේ කලව, ඔහුගේ මාංශ, හා ඔහුගේ අස්ථිවලට ‘නුඹ කතා කරනු’ යැයි පවසනු ලැබේ. පසුව ඔහුගේ කලව, ඔහුගේ මාංශ හා ඔහුගේ අස්ථි ඔහු ගැන දන්නා දෑ කතා කරයි. එසේ පවසා ඇත්තේ ඔහු නිදහසට කරුණු ඉදිරිපත් කරන්නට බලන බැවිණි.’ ඔහුගෙන් සිදු වූ බොහෝ පාපකම්වලට ඔහු ඉදිරිපත් කරන නිදහසට කරුණු අල්ලාහ් ඉවත් කරනු පිණිස ඔහුගේ ශරීර අවයව කතා කරන්නට සලස්වයි. නිදහසට කිසිදු කරුණක් ඔහුට ඉතිරි නොවන පරිදි ඔහුට එරෙහිව ඔහුගේ අවයව සාක්ෂි දරයි. මේ තුන්වැනි ගැත්තා අල්ලාහ්ගේ කෝපය ළඟා කරගත් කුහකයෙකි.