සැබැවින්ම උත්තරීතර අල්ලාහ් තම ගැත්තන්ගේ ශරීර දෙස හෝ ඔවුන්ගේ හැඩරූ දෙස හෝ ඒවා ලස්සන ද අවලස්සන ද ඒවා විශාල ද කුඩා ද අරෝග්‍යමත් ද රෝගී ද යන්න ගැන බලන්නේ නැත. එමෙන්ම ඔවුන්ගේ ධන සම්පත් දෙස ඒවා වැඩියෙන් තිබේ ද අඩුවෙන් තිබේ ද යන්න ගැන අල්ලාහ් බලන්නේ නැත. මෙම සම්පත් තිබීම හෝ නොතිබීම මත අල්ලාහ් තම ගැත්තන් වරදට හසු කරන්නේ හෝ විනිශ්ච කරන්නේ හෝ නැත. නමුත් ඔහු ඔවුන්ගේ සිත් හා එහි ඇති ශ්‍රද්ධාව, විශ්වාසය, සත්‍යය, අවංකභාවය එසේ නැතිනම් එතුළින් ප්‍රදර්ශණය කිරීම හෝ මුහුණිච්චාව අපේක්ෂා කරන්නේ ද යන්න ගැන අධීක්ෂණය කරයි. ඔවුන්ගේ ක්‍රියාවන් විධිමත් වන අයුරු හා ඒවා දූෂිත වන අයුරු ද අධීක්ෂණය කර ඒ සඳහා කුසල් හා ප්‍රතිඵල පිරිනමයි.