අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බවට අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ගෞරවය යනු මාගේ යටි සළුවයි. අහංකාරය යනු මාගේ උඩු සළුවයි. එහෙයින් කවරෙකු ඒ දෙකින් කිසිවකින් මා නින්දාටව පත් කළේ ද මම ඔහුට දඬුවම් කරමි. පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

ගෞරවය හා අහංකාරය අල්ලාහ් සතු විශේෂිත ගුණාංග දෙකකි. වෙනත් කෙනෙකු ඇඳගත් උඩු සළුව හා යටි සළුව අදින්නට තවත් මිනිසා හවුල් නොවනවාක් මෙන් ඒ දෙකෙහි ඔහු සමග වෙනත් අය සහභාගී කරවා ගන්නේ නැත. එබැවින් උත්තරීතර අල්ලාහ් මෙම ගුණාංග දෙක ඔහුට අනිවාර්යය කර ගත්තේය. එහි කිසිවක් ඔහුට හවුල් කිරීම ඔහු පිළි නොගැනීම ඔහුගේ සුවිශේෂී කාරණකි. කවරෙකු ගෞරවය හා අහංකාරය පිළිබඳ වාද කරන්නේ ද ඔහු අල්ලාහ්ගේ අයිතියෙහි නින්දාවක් ඇති කළේය. කවරෙකු අල්ලාහ්ව නින්දාවට ලක් කළේ ද ඔහු ඔහුට දඬුවම් කරනු ඇත.

explain-icon

අමතර